ACHIEVEMENTS
දරුවන්ගේ විභාග සමත් වීමේ ප්‍රවණතාවය
පසුගිය වසර 5 තුළ ශිෂ්‍යත්ව ලකුණු සීමාව ඉක්මවූ ශිෂ්‍ය සංඛ්‍යාව
.png)
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් ශිෂ්‍ය ප්‍රතිශතය
පාසලින් දැක්මට අනුව පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා පසුගිය වසර පහ තුළ ගත් ක්‍රියාමාර්ග
- ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සංවර්ධනය සඳහා ක්‍රමවත් වැඩිපුර වැඩපිළිවෙලක් සකස් කිරීම.
- සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනය සඳහා වැඩසටහන් සම්පාදනය.
- අපොස උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනය සඳහා ක්‍රමවත් වැඩ සටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.
- ප්‍රාථමික ශ්‍රේණිවල නිපුනණතා කරා එළඹෙන ශිෂ්‍ය සංඛ්‍යාව 100% දක්වා ඉහළ නැංවීම සඳහා ප්‍රතිපෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
- 6 - 11 සහ උසස් පෙළ පංතිවල දරුවන්ගේ සාධන මට්ටම් දියත් කිරීම.
- ඉංග්‍රීසි භාෂාව භාවිතයේ ප්‍රවීණතා ඉහළ ඉහළ නැංවීම සඳහා ඉංග්‍රීසි භාෂා දින, භාෂා කඳවුරු, ඉංග්‍රීසි සමිතිය සහ උදෑසන ඉංග්‍රීසි වැඩසටන ආදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- නව තාක්ෂණය සමග සමීපව කටයුතු කිරීම හා එය පරිහරණය කරමින් නව දැනුම් උකහා ගැනීමේ යාවජීව ස්වයං අධ්‍යාපනයට හුරුව වීම.
- පෞරුෂ සංවර්ධනය සඳහා බාලදක්ෂ භට ආදී විෂය බාහිර ක්‍රියා ක්‍රියාකාරකම්, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, ශිෂ්‍ය නායක මණ්ඩලය, පෙරදිග හා බටහිර තූර්ය වාදක කණ්ඩායම් ,ශිෂ්‍ය සමිති ආදී අවස්ථා සඳහා මුහුණ දෙමින් පෞරුෂ වර්ධනයට අවස්ථා සැලසීම.
- විෂය බාහිර වශයෙන් ක්‍රීඩාවන් රැසක් හා හඳුන්වා දීම. (ක්‍රිකට්, කරාතේ, kungfu, කාන්තා ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු ක්‍රීඩා)
- මානසික් සෞඛ්‍ය සංවර්ධනය සඳහා 1 ශ්‍රේණියේ සිට ම සෞන්දර්ය අධ්‍යාපන අවස්ථා ලබා දීම.
- චිත්‍ර නැටුම් සංගීත නාට්‍ය හා රංග කලාව සදහා ඒඳහා ඒකක ඉටුකිරිම.
- නව නිපැයුම් මධ්‍යස්ථානය ඉදි කිරීම.
- භාෂාගාරය ඉදිකිරීම.
- පරිපාලන ඒකකය ඉදිකිරීම.
- ඉතිහාස කාමරය සකස් කිරීම.
- ක්‍රීඩාගාර හා ක්‍රීඩා පිටි ප්‍රාථමික හා ද්වීතීක අංශ සඳහා ඉදිකිරීම.
- අනෙකුත් භෞතික පහසුකම් ලබාදීම.
- පන්ති සඳහා ඩිජිටල් පුවරු ලබාදීම.
- ඩෙස් පුටු ලබාදීම.
- පරිගණක ලබාදීම.
- පුස්තකාල සඳහා ප්‍රමාණවත් පොත් සංඛ්‍යාවක් ලබා ගැනීමත
- ගුරුභවතුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද සාර්ථකව භාවිතා කිරීමටත්, නව තාක්ෂණය තුළින් සමීප හා දුරස්ථ අධ්‍යාපනය කටයුතු සිදුකිරීමටත්, සිසු චර්යා හැඩගැස්වීම සඳහා ගුරු ආකල්ප සංවර්ධනයක් සඳහා SPBTD සංකල්පය ඇසුරෙන් පුහුණු කිරීම.
- පාසල් ප්‍රජා සම්බන්ධතා වැඩි වැඩි දියුණු කිරීම්.
ඉදිරි වසර පහක කාලය තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරකම්
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැක ගනිමින් විශ්ව ගම්මානය තුල ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ හැකි
නිරෝගී දරුවකු බිහි කිරීම සඳහා පාසල සතු මානව සම්පත් දිශාභිමුක කිරීම වර්තමානයේ එහි නායකත්වයෙන් අපේක්ෂා කරන බැවින් පාසලේ වත්මන් සැලසුම් එම ඉලක්කය සම්පූර්ණ කරගත හැකි අභිමතාර්ථ සමූහයක් තුළ මහනුවර ආදර්ශ විද්‍යාලය ගොඩනැගෙමින් පවතී .
.png)
.png)
.png)
.png)
.png)

Comments
Post a Comment