EDSODA EXPLANATION TO KMS

 

WELCOME TO KANDY MODEL SCHOOL! 

 

    

 


 


                                                    

සාම්ප්‍රදායික පාසල් පද්ධතිය  අභියෝගයට ලක් කරමින් මහනුවර ආදර්ශ විද්‍යාලය ආරම්භය කරන ලද්දේ මෙය තවත් එක් පාසලක් නොව පර්යේෂණාගාරයකි යන පරමා පරමාදර්ශය මුල්කොට ගෙන පාසල් පද්ධතියට ආදර්ශයක් සැපයීමේ පරමාර්ථයෙන් බව එහි ආදි කර්තෘවරයෙකු වන මධ්‍යම පළාත් හිටපු අධ‍්‍යාපන ලේකම් පාලිත ඇල්කඩුව මහතාණන් විසින් 1999 ජනවාරි මස 28 දින පල්ලෙතලවින්න ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කරන ලදී.

ශ්‍රී ලාංකීය රජයේ පාසල් අතර පවත්නා භෞතික සම්පත් බැඳීම් වැඩියි විෂමතාවය මානව සම්පත්  ස්ථානගත කිරීමේ ගැටලු පාසල් ප්‍රජාවේ විවිධතා සහ පාසල් සංස්කෘතිය අතර විෂමතා, විෂය මාලාව ක්‍රියාත්මක කිරීමේදී සහ විෂය බාහිර හා විෂය සමගාමී කටයුතු ක්‍රියාත්මක කිරීමේදී පාසල් නායකත්වය ක්‍රියාකාරී වන ආකාර තුළ ඇති විෂමතා අදටත් වඩා ප්‍රබලව කැපී පෙනුණු විසිවන සියවසේ අග භාගය තුළ රජය පවතින රජය පාසල් ජනප්‍රිය හා ජනප්‍රියතාවය අඩු පාසල් ලෙස   වර්ගීකරණයක් ජන සමාජය් තුළ පවා දැඩිව මුල්බැසගෙන තිබෙනු දක්නට ලැබුණු අතර මෙම  වර්ගීකරණයේ දී පාසලේ පිහිටීම ග්‍රාමීය සහ නාගරික යන කරුණ ද ප්‍රබල සාධකයක් වූ බව පෙනී ගිය කරුණකි. ඒ අනුව නාගරික  ජනප්‍රිය පාසල් සංකල්පයය අභියෝග්යට ලක්කරමින් ග්‍රාමීය පරිසරයක් ආදර්ශ පාසල් සංකල්පයක පුරුකක් මෙම පාසල බිහිවිය. 

ප්‍රාථමික පාසලක් ලෙස "තලවින්න ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය"  S.M.M.G. අබේරත්න මහතා ආරම්භක විදුහල්පති ලෙස කටයුතු කළ අතර එහි ආරම්භක ගුරු මණ්ඩලය හය දෙනකුගෙන් සමන්විත විය. ආරම්භයේ දී 1 හා 2 ශ්‍රේණි සදහා දරුවන් ඇතුලත් කිරීම් සිදු කළ අතර ACME, CANON සහ LUMINARYලෙස සමාන්තර පන්ති තුනකට දරුවන් ඇතුළත් කරනු ලැබූ හෙයින් ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව දරුවන් 110 දෙනෙකි. 

පාසල් භූමි සැලැස්ම



 පාසල තුළ හඳුනාගත හැකි  සුවිශේෂතා

  • ක්‍රමවත් පාසල් පිරියත 
  • භෞතික සම්පත් අනූන බව
  • අධ්‍යාපනික වටපිටාව
  • ක්‍රියාකාරී අධ්‍යාපනයට අවස්ථා සහිත වීම  
  • පාසල්  වටපිටාව සහ ඉගෙනුම් ක්‍රියාවලිය හේතුවෙන්  පාසලට දරුවන්  ඇතුලත් කිරීම සඳහා  ඒ ගැන මධ්‍යම පාන්තික ප්‍රජාව අතර තරගයක් ගොඩ නැගුණි.
  •  ආරම්භක පරමාර්ථ සාර්ථකව හා සීඝ්‍රයෙන් සාක්ෂාත් කරගනිම ගනිමින් පාසල 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ද ඉන් අනතුරුව අපොස උසස් පෙළ කලා හා වාණිජ පන්ති ද ආරම්භ කිරීම සඳහා එවකට වැසී යමින් පැවතිනි පොල්ගොල්ලා කමින් ෙසනවිරත්න මහා විද්‍යාලය සතු ගොඩනැගිලි මහනුවර ආදර්ශ විද්‍යාලයට පවරා යෝධ ඉදිරි පියවරක් තබන ලදී. 
  •  ආරම්භක පරමාර්ථවලින් අතිශය ඔබ්බට යමින් වර්තමානයේනයේ කේන්ද්‍රගතවී ඇත්තේ ජාත්‍යන්තරය ජය ගත හැකි පරිපූර්ණ දරුවෙක් නිර්මාණයය කිරීමෙන් ක්‍රියාවලියක් උදෙසා වන බැවින් පාසලේ දැක්ම උදෙසා පහත් පරිදි වෙනස් 
                                                              "ලොව දිනන

   ලොව  තනන  

                                පිරිපුන් දරුවෙක්"

  • වර්තමානයේ පාසල් 1 ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ (කලා/ වාණිජ) දක්වා පන්ති පැවැත්වෙන එක C  වර්ගයේ පාසලක් වන අතර එහි වත්මන් තොරතුරු පහත පරිදි වේ. 

 



Comments